කථාකරන ශබ්දකෝෂයක්?


කලින් වතාවක් මම ඉංග්රිසි කථාකරවනයක් ගැන කිව්වා මම දැන් කියන්න යන්නේ එවැනිම කථාකරන ශබ්දකෝෂයක් ගැනයි. මෙම ශබ්දකෝෂය කථනය සහිත විශ්ව කෝෂ ශබ්දකෝෂයක්. මෙහි වචන 250,000කට අධිකව අඩංගු වෙනවා. මෙහි ඉතිහාසය පිළිබඳ වූ, ග්‍රාම්‍ය ව්‍යවහාරය ඇතුලත් වචන ඇතුළත් කර තිබෙනවා.

මෙහි තිබෙන විශේශත්වය වන්නේ යම් කිසි වචනයක් ශබ්ද කරන ආකාරයක් පමණක් නොව එහි තේරුමද පැවසීමයි.


මේ ගැන වැඩි විස්තර

http://www.rwfts.com

අන්තර්ජාලයේ පුස්තකාලය

මේ පුස්තකාලය පොත් තියෙන එකක් නම් නෙමෙයි. අපිට අපේ පරිගණකයේ වැඩකරන ස්මහර ප්රොසෙස් මොනවද ඒවායේ විස්තර මොනවද කියලා අපට බලාග්න්න පුලුවන්. අපි ටාස්ක් මැනේජර් අරගෙන එහි ප්රොසෙස් තියෙනවානම් සැක සහිත වයිරස් එකක් නම් අපිට මේ ගැන සොයා බලන්න පුලුවන්. හැබැයි මේ පුස්තකාලයේ හැම ප්රොසෙස් එකකම විස්තර නැහැ. අපිට අපි සොය ගත්ත ප්රොසෙස් එකක විස්තර මේකට දෙන්න පුලුවන්.



තෙරුවන් සරණයි!




හැකි සැම විටම මෙම ගාථාව සිහි කරන්න , ගමනක් යනවිට බුදුරජාණන් වහන්සේට නමස්කාර කර මෙම ගාථාව කියා ගමන අරඹන්න. සියලු කටයුතු සාර්ථක වේ. සියළු ආරක්ෂාව සැලසේ.

බුද්ධෝ තිලෝක සරණෝ

බුද්ධෝ සූරියෝ තමෝනුදෝ

ඒවන්තං සරණං ඛේමං

බුද්ධෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං

නත්ථි මය්හං භයං සදා

තුන් ලොවට සරණ බුදුරජාණන් වහන්සේය.

මෝහය නැමති අන්ධකාරය දුරු කරන සූර්යයාද බුදුරජාණන් වහන්සේය.

මම සැමදා බුදුරජාණන් වහන්සේ සරණ යමි.

බුදුරජාණන් වහන්සේ සරණ යන මට කිසිදා බයක් ඇති නොවේ.


Happy Vesak
  • මහමායා දේවියගේ සිහිනය
  • සිද්ධාර්ථ කුමාරයාගේ උපත
  • සතර පෙර නිමිති

  • ගිහිගෙය හැර යාම

  • බුදුවීම
  • පිරිනිවන් පෑම
ඔබට තෙරුවන් සරණයි!

ඉංගිරිසි කථාකරවනය

ඉංගිරීසියෙන් ඇති දෙයක් කියවන්නේ නැතිව තව කෙනෙක් ඒ ටික කියවලා දෙනවානම් හොන්දයි කියලා හිතනවානම් මෙන්න ඒ වෙනුවෙන් ඇති වැඩසටහනක්.
අපිට කරන්න තියෙන්නේ අවශ්ය ඡේදය ඇතුල් කරන එක විතරයි. මෙහි අපට අවශ්ය පරිදි සැකසුම් සකසාගතහැකියි.

http://www.ziddu.com/download/5098787/DSpeech.zip.html