සුභ උපන්දිනයක් Photoshop!!!


ඔන්න Adobe Photoshop ඉපදිලා අවුරුදු 20ක් වෙනවලු දැන්.

මතක සටහනක් (Adobe Tv හි ඉදිරිපත්කල)





Adobe Photoshopහි විස්තර දැන්ගන්න

Facebook   මෙතනින් යන්න

Google Buzz සදහා Addons සහ Extensions


Google Buzz  ගැන ඉතින් දැන් අමුතුවෙන් කියලා දෙන්න නම් නෙවෙයි මම හදන්නේ මොකද Google Buzz  ගැන ඕන තරම් බ්ලොග් වල ලියවුනානේ.
ඉතින් මම අද Google Buzz  සදහා ආපු Addons , Extensions ගැනයි කියන්නේ


 
මේ තියෙන්නේ මම Firefox හි වෙබ් සයිට එකට ගොස් Navigation Toolbar හි ඇති Buzz icon ක්ලික් කල විට ලැබෙන ආකාරයයි 

 


  

හැබැයි මේවා භාවිතා කරන්න පුලුවන් Firefox, Chrome පාවිච්චි කරන කට්ටියට විතරයි.

අලුතෙන්ම ආපු වෙබ් බ්‍රවුසරේ......



ඔන්න Comodo Dragon Internet Browser නමින් අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් ඇවිදින් තියෙනවා.
මේක හරියට Google Chrome වෙබ් බ්‍රවුසරය වගේමයි. හැබැයි ඊට වඩා අලුත් අයිකන්ස් ඉන්ටර්ෆේෂස් සමගයි තියෙන්නේ.

මේක වින්ඩෝස්  XP, විස්ටා සහ 7 සදහා භාවිතා කරන්න පුලුවන්.

නොමිලේ ලබාගන්න PDF to Word Converter

නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංග....

pdf ෆයිල්ස් word files වලට කන්වර්ට් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි මේක.
මෙය 2010 මාර්තු 01 දක්වා නොමිලේ ලබාගන්න පුලුවන්..
මෙහි වටිනාකම $29.95 ක් කියලා තමයි කියන්නේ.




ඉගෙනගන්න ප්‍රයෝජනවත් වෙබ් සයිට් එකක් Online Video


ඔන්න අදත් සුපුරුදු පරිදි වටින කියන වෙබ් සයිට් එකක් ගැන ආරංචියක්. මේකේ තියෙන්නේ නම් video තමයි. 
සියලුම ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාල වල video කියලා තමයි කියන්නේ. එම විශ්වවිද්‍යාල අතර 

    * Berkeley
    * Columbia
    * Harvard
    * Michigan
    * MIT
    * NYU
    * Princeton
    * Stanford
    * UCLA
    * Yale
 
වනවා 

මෙහි category වශයෙන් තිබෙන නිසා පහසුවෙන් අවශ්‍ය දෙයක් හොයගන්න පුලුවන්.

Thumbs.db ෆයිල්ස් විවෘත කරලා බලන්න කැමතිද?


මේ දවස් ටිකේම මගෙ බ්ලොග් එකේ මම ලිව්වේ එක එක ජාතියේ වටින කියන වෙබ් සයිට් ගැනනේ. ඔන්න අද නම් කියන්න යන්නේ  මෘදුකාංගයක් ගැනයි .

ඔයගොල්ලො දැකලා ඇති සමහරක් ෆෝල්ඩර්ස් ඇතුලේ Thumbs.db කියලා ෆයිල් එකක් (මේක  Hidden වෙලා තමයි තියෙන්නේ). ඉතින් අද මම කියන්නේ මෙම ෆයිල් ඕපන් කරලා මොනවද Thumbs.db ෆයිල් ඇතුලේ තියෙන්නේ කියලා බලන්න පුලුවන් වැඩසටහනක් ගැනයි.  ඉතින් වැඩිය කියන්න දේකුත් නෑ. තියෙන්නේ මේ සරල වැඩසටහන බාගෙන රන් කරන එක විතරයි. මේක පෝටබල් හින්දා ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ.
 
 

ෆයිල් තියෙන තැනක් හොයාගන්න අමාරු නම් මෙම වැඩසටහනින් හොයාගන්නත් පුලුවන් :-).


.NET Framework එක නැත්නම් ඉතින් මෙහෙම පණිවිඩයක් ලැබෙයි. 
 ---------------------------
ThumbViewer.exe - Application Error
---------------------------
The application failed to initialize properly (0xc0000135). Click on OK to terminate the application.
---------------------------
OK 
---------------------------
ඒකට විසදුම තමා .NET Framework බාගෙන ඉන්ස්ටෝල් කරගැනීම.

URL එකෙන් Pdf හදාගන්න..

 
 

බලන්න ඉහත පිංතූර 2ක දිහා. මේ තියෙන්නේ මම Google වෙබ් සයිට් එකට් යන්නේ නැතිවම වෙනත් වෙබ් සයිට් එකක සිට ගත්ත pdf එකක්.
මේ වෙබ් සයිට් එකට URL එකක් ලබාදුන්නම  pdf එකක් අපට  බාගන්න දෙනවා (Like a Screenshot). මෙම pdf එකේ විශේශත්වය තමයි මෙහි ලින්ක්ස් ක්ලික් කරලා අදාල වෙබ් පිටුවට යන්න පුලුවන් වීම.


මෙම pdf එක අපි කැමති විදියකට coustomize කරගන්නත් මෙහි ඉඩ ලබාදීලා තියෙන්වා.


ඔන්ලයින් වීඩියෝ කන්වර්ටරය

අපිට යූ-ටියුබ් හෝ වෙනත් බෙබ් සයිට් එකකින් එහි ඇති වීඩියෝවක් විවිධ formats වලට covert කරගන්න අවශ්‍ය නම් අපිට එම අදාල වීඩියෝව බාගෙන video converter ක් මගින් අවශ්‍ය format එකට  convert කරගන්න වෙනවා.
දැන් මෙන්න ඒ සදහා ඊට වඩා පහසු ක්‍රමයක් වීඩියෝව ඔන්ලයින්ම අපට අවශ්‍ය format එකට convert කරගන්න පුලුවන් වෙබ් සයිට් එකක්. මෙමගින්  flv,avi,mp3,wav,3gp,mp4,wmv ආදි විවිධ formats වලට අපට ඔන්ලයින්ම convert කරගන්න පුලුවන්. අපට අවශ්‍ය වන්නේ අදාල video එකේ පාත් එක මෙම සයිට් එකට ලබාදීම පමණයි. 

 
  
  

මේ වාගේම වෙබ් සයිට් එකක් ගැන මම කලින් ඉදිරිපත් කල විස්තරයක්..
මේකත් බලන්න