සුභ නව වසරක් වේවා!!!!





ඔබ සැමට මේ 2010 අවුරුද්ද සියලු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.............

ප්‍රශ්ණ වලට විසදුම්..... Sound problems

ඔන්න අද මම කියන්න යන්නේWindows වල සේවාවන්(windows services) නතර වුනාම ඇතිවන ප්‍රශ්ණ ගැනයි. මෙය ගැන දැනුමක් තියාගන්න එක කාටත් හොදයිනේ.

අද මම කියන්න යන්නේ windows audio යන සේවාව නතර වුනාම වෙන් දේ ගැනයි...

මෙම සේවාව නතර වුනාම අපට අපගේ පරිගණකයේ කිසිම sound එකක් play කලාට අහන්න බැහැ.
start --> all programs --> accessories --> Entertainment --> volume control ට ගිය විට පහත ආකාරයේ පණිවිඩයක් තමා දෙන්නේ.

ඇතම් විට මෙය වෛරස් ප්‍රහාර මගින් වෙන්න පුලුවන්(disable the service).


මෙය කරගැනීමට services වෙත යායුතු වෙනවා
කෙටිම පාර 'RUN' හි services.msc යනුවෙන් ටයිප් කර enter කරන්න.

නොමිලේ ලබාගන්න Panda Cloud Antivirus 1.0




නොමිලේ ලබාගන්න පුලුවන් වයිරස් ගාඩ් එකක් හොයනවානම් මෙන්න Panda Cloud Antivirus Free Edition 1.0 . හැබැයි මේ සදහා හොද වේගවත් අන්තර්ජාල පහසුකමක් තිබිය යුතු වෙන බව කියනවා.

"Panda Cloud Antivirus" is based on new cloud computing concept in which services are provided over Internet. This new antivirus scans files through Internet which makes it very light on system resources. It also doesn't need regular updating of virus definitions as it automatically updates the virus definitions in the cloud (remote server) and scans your files using those latest virus definitions.



වින්ඩෝස් 8 2012 දී.........


ඔයගොල්ලන්ට මතක ඇතිනෙ කලින් දවසක මම Windows 8 සිහිනයක් ගැන කිව්වා. ඔන්න Windows 8 2012 දී එනවා කියලා "Stephen Chapman" @ Microsoft Kitchen කියනවා. එයා Windows roadmap එකේ කියලා තියනවා 2012 දී Windows 8 ඒමට නියමිතයි කියලා. තව දුරටත් ඔහු සදහන් කරන්නේ අවුරුදු 3කවත් gap එකක් තියන්නත් බලාපොරොත්තු වෙනවලු.




මේ ගැන වැඩි විස්තර මෙතනින් ලබාගන්න

අපි මැරුණාම අපේ accounts වලට මොකද වෙන්නේ?

ඔයගොල්ලො හිතලා තියනවද කවදා හරි අපි මැරුණ දවසක අපගේ විවිධ accounts වලට (Facebook, Gmail, Yahoo වගේ) මොනවා වෙයිද කියලා. තව කාට හරි අපේ වලට කරන්න පුලුවන්ද ?????? කියලා...
දන්නවද බොහොමයක් වෙබ් සයිට් සදහා මෙයට විවිධ ප්‍රථිපත්ති තියෙනවා මියගිය පුද්ගලයන්ගේ accountsසදහා...
මේ තියෙන්නේ ජනප්‍රිය වෙබ් සයිට් කිහිපයක ඇති එවැනි ප්‍රථිපත්ති

Gmail


ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමට Google’s Support Page ට පිවිසෙන්න.



Yahoo


කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්


Facebook


Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
form to turn an deceased users page into a memorial page,

MySpace


MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.

Hotmail


ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට Windows Live Help ට පිවිසෙන්න.

ඔබ ළග තිබිය යුතුම දෙයක්..


මම මේ වැඩසටහන ඔබ ළග තිබිය යුතුම දෙයක් කියලා කියන්නේ මෙම වැඩසටහන ඔයත් භාවිතා කලොත් ඔබගේ පුද්ගලිකත්වය රැකගන්න ගොඩාක් උදව් වේවි. ඔයගොල්ලො දන්නවනේ ඔත්තුකාර වැඩසටහන් පරිගණකයක ස්ථාපනය කර තිබුනොත් එම පරිගණකයේ සිදුවන සෑම දෙයක්ම රෙකෝඩ් වෙනවා කියලා( Screen Shots, Keystrokes ආදී...) .



මෙහෙම වැඩසටහනක් ඇති පරිගණකයකයකට ඔබ ලොග් වුනොත් සොරි තමා මොකද කරන හැමදෙයක්ම තව කෙනෙකුට බලාගන්න පුලුවන්. වෙනත් පරිගණකයක අපිට කොහොමත් ඇඩ්මිනිස්ට්‍රේටර් බලතල නැති නිසා අපිට කරන්න දේකුත් නෑ. හැබැයි මෙවැනි වැඩසටහන් පරිගණක්යේ ඇත්දැයි බලාගැනීමටත් සහ ටයිප් කරන ඒවා අහු නොවන වැඩසටහනකුත් මීට කලින් මම මගේ බ්ලොග් එකෙන් ඉදිරිපත් කලා. අදත් මම ඒ වගේම වැඩසටහනක් ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මෙමගින් වළක්වන්න පුලුවන් වන්නේ අපි ටයිප් කරන්න වචන රෙකෝඩ් කරන එක විතරයි.



මෙම වැඩසටහන ඔබගේ pen drive එකේ සිටම රන් කිරිම්ම වඩා සුදුසුයි.

මෙතනින් ගන්න




නොමිලේ ලබාදෙන සොෆ්ට්වෙයාර්ස්


My Lockbox
මේ සොෆ්ට්වෙයාර් එක
  • File & Folder protector
  • Folder Lock
වෙනුවට භාවිතා කල හැකියි.

Features and benefits

  • Very easy in use
  • Almost any folder on your computer can be password protected
  • Instant protection - no file scrambling or moving to another place
  • Lockbox folder is inaccessible even by the system administrators
  • Lockbox folder is inaccessible both locally and remotely.
  • Lockbox folder can be protected in Windows safe mode
  • Windows XP x64 support
  • Hotkeys support - you can popup Control Panel with a simple keystroke.
  • Skinned user interface
  • Freeware



හැඩකාර Linux පොඩ්ඩා...



මට පහුගිය දවසක හුරුබුහුටි Linux පොඩ්ඩෙක්ව ම්බ වුනා. ඉතින් මම මේක නිදහසේ ඉන්න වේලාවක රන් කරලා බැලුවා එක්ක. ලගදි මගේ බ්ලොග් එකට වීඩියෝ එකක් දාන්නත් බැරි වුන නිසා මම මේක රෙකෝඩ් කරගත්තා ඉහත තියෙන්නේ එම වීඩියෝ එක. මේ සදහා මම Sun Portable Virtual Box යොදාගත්තා(මේ සදහා VMware Playerද යොදාගත හැක.).

මේ Linux පොඩ්ඩා ගැන කියනවානම් Puppy Linux ව Pentium 1 Machine එකක වුනත් රන් කරලා බලන්න පුලුවන්.

මෙම Puppy Linux ව USB Flash එකක හෝ Hard Drive එකක වුනත් install කරගන්න පුලුවන්.

පහත තැන් වලින් අදාල මෘදුකාංග ලබාගන්න

Puppy Linux ISO File

Sun xVM VirtualBox 3.04 Portable

VmWare Player

සමාන ලිපි

පෝටබල් ලෝකයෙන්- වින්ඩෝස් උඩ දුවන පෝටබල් උබුන්ටු...

පෝටබල් ලෝකයෙන්- මැක් පොඩ්ඩා




අනාගතයට පණිවිඩ යවන්න..





අපිට ඉදිරි දිනයකදී මොකක් හරි වැඩක් මතක තියාගන්න අපි සාමාන්යයෙන් Mobile එකේ Reminder එකක් දාලා තියාගන්නවා. මම මේ කියන්න යන්නේත් එවැනිම ආකාරයට ඉදිරි දිනයකදී මතක තබා ගත යුතු වැඩක් සදහා Reminder එකක් හදාගන්න විදියක්.
සරලව කිව්වොත් මෙමගින් කෙරෙන්නේ අපිට අපි විසින්ම අදාල දිනයට E-mail එකක් ලැබෙන පරිදි සකසා ගැනීමයි.
පහත දක්වලා තියෙන්නේ මේ සදහා යොදාගන්න පුලුවන් වෙබ් සයිට් 2ක්.


පරණ මෘදුකාංග අවශ්‍යද?




සාමාන්‍යයෙන් මෘදුකාංගයක අලුත් Version එක නිකුත්වුනාම එහි පරන versions සොයාගන්න අපහසුවෙනවා. මොකද අදාල වෙබ්සයිට් එකේ දාන්නෙත් බොහෝ විට ලින්ක් එකක් ලබාදෙන්නේ අලුත් version එකට පමණයි.
මේ තියෙන්නේ මෙම ප්‍රශ්ණයට විසදුමක් ලෙස කියන්න පුලුවන් වෙබ්සයිට් එකක් . මෙහි බොහොමයක් ජනප්‍රිය මෘදුකාංගවල පරණ versions බාගන්න අවස්ථාව ලබාදී තියෙනවා.
මෙහි ලියාපදිංචි වීමද අවශ්‍ය නොවේ.

ආරක්ෂිතව පණිවිඩ යවන්න ක්‍රමයක්..





අපිට තව කාටහරි ආරක්ෂිතව පණිවිඩයක් යවන්න පුලුවන් විදියක් තමා මේක. මෙම ක්‍රමයෙන් අපට යවන පණිවිඩයට මුරපදයක් ලබාදීමෙන් තවත් ආරක්ෂිතයි . මොකද අපි මෙම මුරපදය අවශ්‍ය පුද්ගලයාට පමණක් ලබාදීමෙන් අපිට විශ්වාසයක් තියාගන්න පුලුවන් මෙම පණිවිඩය වෙන පුද්ගලයෙකු දැක්කත් කියවන්න බෑ කියලා :-).
මෙහිදී අපගේ පණිවිඩය Encrypt කරලා තමා යවන්නේ නැවත අපට මෙම පණිවිඩය Decrypt කර කියවගන්න පුලුවන්.
ඒ වගේම මෙතනදී අපගේ පණිවිඩය Encrypt කලාම ලැබෙන Message Output එක අපට අවශ්‍ය පුද්ගලයාට සාමාන්‍ය පරිදි (mail) යැවිය හැකියි.
තවත් වාසියක් තමා මෙම පණිවිඩයට කල් ඉකුත්වීමේ වේලාවක්ද ලබාදිය හැකියි.

සියල්ල එකම තැනින් Freewares+OpenSource+Trial





ඔන්න දැන් මෘදුකාංග කිහිපයක් එක්වර install කරගන්න පුලුවන් හොද ක්‍රමයක් තියෙනවා. අපි ගොඩක් මෘදුකාංග install කරනවානම් බොහෝවිට දක්නට ලැබෙන්නේ next-next ක්‍රමයක් . දැන් ඉතින් next-next කර කර බලාඉන්නත් ඕනේ නෑ.
අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය මෘදුකාංග ටික තෝරාගෙන installer එක බාගන්න . මෙහි ඇතුලත් කරලා තියෙන ගොඩාක් මෘදුකාංග freeware සහ opensource මෘදුකාංග වෙනවා.
අපි බාගත්ත installer එක මීළගට රන් කිරීමෙන් අපි තෝරාගත්ත මෘදුකාංග ටික download & install වෙනවා.
මෙතනදී අපිට ලැබෙන්නේ මෘදුකාංග වල අලුත්ම Versions.

Google ව කැමති විදියකට වෙනස් කරගමු



මේක Mozilla Firefox ට දාගන්න පුලුවන් Addon එකක්.
ඉහත GIF image එකෙන් පෙන්වන්නේ මේ සදහා පොඩි හැදින්වීමක්.

Install Now
English (60 kB)

තවත් ඔන්ලයින් වැඩක්

This summary is not available. Please click here to view the post.

සද්දේ මදිද? එහෙනම් මෙතනින් වැඩි කරගන්න.


අපිට සමහරක් Mp3 ෆයිල්ස් හම්බවෙනව සද්දේ අඩු . ඉතින් මේ වගේ ෆයිල් එකක් අපිට Play කරගන්න උනොත් Player එකේ සද්දේ වැඩි කරගන්න වෙනවා .
මේ තියෙන්නේ එහෙම ෆයිල්ස් වල sound වැඩි කරගන්න පුලුවන් වෙබ් සයිට් එකක්.
Light, Loud, Louder, Loudest යනාදී ක්‍රම 4කට අපිට sound වැඩි කර ගන්න පුලුවන්

අලුත් 2010 මෘදුකාංග ලබාගන්න




මෙහි වැඩි විස්තර සදහා පහත දී ඇති පිංතූර මත ක්ලික් කර වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්න. බාගත හැකි විස්තර එහි ඇත.

Blumentals WeBuilder 2010 v10.0.2.118 BiLang

Blumentals Rapid PHP 2010 v10.0.2.118 BiLang

Blumentals HTMLPad 2010 Pro v10.0.2.118 BiLang

Blumentals Rapid CSS Editor 2010 v10.0.2.118 BiLang

ෆෝල්ඩරයක් තමා සතු කරගැනීම...


මේ තියෙන්නේ කිසිම මෘදුකාංගයක් නොමැතිව ෆෝල්ඩරයක තියෙන දේ තවත් කෙනෙකුට බැලීමට නොහැකි වන ලෙස සකස් කරගන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමය 100% සර්ථක නැහැ. මොකද පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට ඕනෑම අවස්ථාවක මෙහි බලය ගන්න පුලුවන්. නමුත් පරිගනකයට ලොග් වෙන කිසිදු සාමාන්‍ය යූසර් කෙනෙකුට මෙම ෆෝල්ඩරය බලන්න බැහැ.


පහත තියෙන්නේ මෙය කරගන්න ආකාරයයි.
සැලකිය යුතුයි පළමුව හිස් ෆෝල්ඩරයකට මෙය උත්සාහ කරන්න.

ඔබට අවශ්‍ය ෆෝල්ඩරයේ Right Click කර properties වෙත ගොස් එහි Security Tab වෙත යන්න.
එහි පහලම ඇති Advance යන Tab මත ක්ලික් කරන්න. දැන් ලැබෙන වින්ඩෝවෙන් "Inherit from parent the permission" යන්න ඉදිරියෙන් ඇති tick හරි සලකුණ ඉවත් කරන්න එවිට ලැබෙන Message එක සදහා Remove කරන්න. ඊළගට Apply කරන්න.


මීළගට ක්ලික් කර ඔබගේ යූසර් නේම් එක එකතු කරගෙන සියලු බලතල ලබාගන්න.
ඊලගට අවසානය තෙක් OK කරන්න
ඔන්න දැන් වැඩේ හරි. සැක නම් වෙන යූසර් කෙනෙකුගෙන් ලොග් වෙලා ෆෝල්ඩරය Access කරන්න පුලුවන්ද කියලා බලන්න.



මෙන්න තවත් ක්‍රමයක් පාස්වර්ඩ් සහිතව
ෆෝල්ඩරයේ Properties වෙත ගොස් Sharing Tab වෙතට යන්න.
ඊලගට
"Make this folder private" යන්න ඉදිරියෙන් හරි සලකුන යොදන්න.