ඔබ ළග තිබිය යුතුම දෙයක්..


මම මේ වැඩසටහන ඔබ ළග තිබිය යුතුම දෙයක් කියලා කියන්නේ මෙම වැඩසටහන ඔයත් භාවිතා කලොත් ඔබගේ පුද්ගලිකත්වය රැකගන්න ගොඩාක් උදව් වේවි. ඔයගොල්ලො දන්නවනේ ඔත්තුකාර වැඩසටහන් පරිගණකයක ස්ථාපනය කර තිබුනොත් එම පරිගණකයේ සිදුවන සෑම දෙයක්ම රෙකෝඩ් වෙනවා කියලා( Screen Shots, Keystrokes ආදී...) .



මෙහෙම වැඩසටහනක් ඇති පරිගණකයකයකට ඔබ ලොග් වුනොත් සොරි තමා මොකද කරන හැමදෙයක්ම තව කෙනෙකුට බලාගන්න පුලුවන්. වෙනත් පරිගණකයක අපිට කොහොමත් ඇඩ්මිනිස්ට්‍රේටර් බලතල නැති නිසා අපිට කරන්න දේකුත් නෑ. හැබැයි මෙවැනි වැඩසටහන් පරිගණක්යේ ඇත්දැයි බලාගැනීමටත් සහ ටයිප් කරන ඒවා අහු නොවන වැඩසටහනකුත් මීට කලින් මම මගේ බ්ලොග් එකෙන් ඉදිරිපත් කලා. අදත් මම ඒ වගේම වැඩසටහනක් ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මෙමගින් වළක්වන්න පුලුවන් වන්නේ අපි ටයිප් කරන්න වචන රෙකෝඩ් කරන එක විතරයි.



මෙම වැඩසටහන ඔබගේ pen drive එකේ සිටම රන් කිරිම්ම වඩා සුදුසුයි.

මෙතනින් ගන්න




නොමිලේ ලබාදෙන සොෆ්ට්වෙයාර්ස්


My Lockbox
මේ සොෆ්ට්වෙයාර් එක
  • File & Folder protector
  • Folder Lock
වෙනුවට භාවිතා කල හැකියි.

Features and benefits

  • Very easy in use
  • Almost any folder on your computer can be password protected
  • Instant protection - no file scrambling or moving to another place
  • Lockbox folder is inaccessible even by the system administrators
  • Lockbox folder is inaccessible both locally and remotely.
  • Lockbox folder can be protected in Windows safe mode
  • Windows XP x64 support
  • Hotkeys support - you can popup Control Panel with a simple keystroke.
  • Skinned user interface
  • Freeware



හැඩකාර Linux පොඩ්ඩා...



මට පහුගිය දවසක හුරුබුහුටි Linux පොඩ්ඩෙක්ව හම්බ වුනා. ඉතින් මම මේක නිදහසේ ඉන්න වේලාවක රන් කරලා බැලුවා එක්ක. ලගදි මගේ බ්ලොග් එකට වීඩියෝ එකක් දාන්නත් බැරි වුන නිසා මම මේක රෙකෝඩ් කරගත්තා ඉහත තියෙන්නේ එම වීඩියෝ එක. මේ සදහා මම Sun Portable Virtual Box යොදාගත්තා(මේ සදහා VMware Playerද යොදාගත හැක.).

මේ Linux පොඩ්ඩා ගැන කියනවානම් Puppy Linux ව Pentium 1 Machine එකක වුනත් රන් කරලා බලන්න පුලුවන්.

මෙම Puppy Linux ව USB Flash එකක හෝ Hard Drive එකක වුනත් install කරගන්න පුලුවන්.

පහත තැන් වලින් අදාල මෘදුකාංග ලබාගන්න

Puppy Linux ISO File

Sun xVM VirtualBox 3.04 Portable

VmWare Player

සමාන ලිපි

පෝටබල් ලෝකයෙන්- වින්ඩෝස් උඩ දුවන පෝටබල් උබුන්ටු...

පෝටබල් ලෝකයෙන්- මැක් පොඩ්ඩා




අනාගතයට පණිවිඩ යවන්න..





අපිට ඉදිරි දිනයකදී මොකක් හරි වැඩක් මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් Mobile එකේ Reminder එකක් දාලා තියාගන්නවා. මම මේ කියන්න යන්නේත් එවැනිම ආකාරයට ඉදිරි දිනයකදී මතක තබා ගත යුතු වැඩක් සදහා Reminder එකක් හදාගන්න විදියක්.
සරලව කිව්වොත් මෙමගින් කෙරෙන්නේ අපිට අපි විසින්ම අදාල දිනයට E-mail එකක් ලැබෙන පරිදි සකසා ගැනීමයි.
පහත දක්වලා තියෙන්නේ මේ සදහා යොදාගන්න පුලුවන් වෙබ් සයිට් 2ක්.