කැමති පරිදි වෙනස් කරගන්න??


ෆයර්ෆොක්ස් භාවිතා කරනවානම් එහි ඇති ෂෝට් කට්ස් වෙනස් කරගන්න පුලුවන් ලේසි විදියක්...
ctrl+Enter, shift+Enter, ctrl+shift+Enter යන යෙදුම් අපට මෙහිදී කැමති පරිදි වෙනස් කරගත හැක. වැදි විස්තර මොකටද? මේක ඇඩොන්ස් එකක් ඉන්ස්ටෝල් කරලම බලන්න.

Download

නව ලොවක අරුණළු...


ජපානය ලෝකයේ දියුණුම රටක් වේ. එය ජපන් ජාතිකයා සිය ආධායාත්මය සහ දිවි පැවැත්ම තුල ඇතිකරගත් වර්ධනයේ ප්රථිපලයකි. එයට මූලික වූ ප්රධාන කරුනක් වන්නේ 5-එස් සංකල්පයයි. ජපනුන්ට උපතින් උරුම වූ කඩිසර බව මෙතුලින් මනාව ඔප මට්ටම් වී ඇත.

ජපන් භාෂාවේ වචන 5ක් එකතු වී 5-එස් සංකල්පය බිහි වී ඇත.

1. SEIRI වෙන් කිරීම

2. SEITON පිළිවෙල කිරීම

3. SEISO පිරිසිදු කිරීම

4. SEIKETSU ක්රමවත් බව

5. SHITSUKE විනයානුකූල අධ්යනය


SEIRI

Clearing up

SORT

සසැදීම

SEITON

Organizing

SET

සැකසීම

SEISO

Cleaning

SHINE

සුපිරිසිදුබව

SEIKETSU

Standardising

STANDARDISE

සංවිධිතබව

SHITSUKE

Training & Disciplining

SUSTAIN

සහභාගිත්වය

පෝටබල් ලෝකයෙන්- වින්ඩෝස් උඩ දුවන පෝටබල් උබුන්ටු...


උබුන්ටු කියන්නේ නොමිලේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධතියක්. ඒ විතරක් නෙමේ එය ඉතා ඉහළ මට්ටමේ මෙහෙයුම් පද්ධතියක්. අවශ්ය කෙනෙකුට මෙය නොමිලේම ගෙදරට ගෙන්වා ගත හැකියි. දැන් මෙහි අලුත්ම උබුන්ටු9.04 කියන වර්ෂන් එකත් පිටවෙලා හමාරයි.

උබුන්ටු විවිධ ක්රම වලින් අපට උත්සාහ කර බැලිය හැකියි. එනම් සීඩී එකෙන් තාවකාලිව බූට් කිරීමේ ක්රමයට , වින්ඩෝස් වල වර්චුවල් බොක්ස් කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙනත් පුලුවන්.

මම මේ කියන්න යන්නේ ඉහත ක්රම ගැන නම් නෙමෙයි ඊට වඩා සරළ ක්රමයක් ගැනයි.

ඒ කියන්නේ ඉතා සරළවම බැට් ෆයිල් එකක් රන් කිරිම මගින් උබුන්ටු සමග වැඩ කරන්න පුලුවන් විදියක්. මෙගාබයිට් 438 ක ෆයිල් එක බාගන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ වැඩේ ඉතාමත් සරළයි. ඊ ළගට මේ ෆයිල් එක එක්ස්ට්රෑක්ට් කරන්න. (එවිට මෙහි අගය ගිගාබයිට් 1.8 ත් ඉක්මනවා.)

දැන් මෙම ෆෝල්ඩරයේ ඇති run_portable_ubuntu කියන බැට් ෆයිල් එක රන් කරන්න. එවිට 2 රූපයේ පරිදි උබුන්ටු මෙනු එක දැකගත හැකි වේ.


වැදගත්: run_portable_ubuntu යන බැට් ෆයිල් එක රන් කලාම ප්රොම්ප්ට්ස් කිහිප්යක් ලැබේ. ඒවා අන්බ්ලොක් කරන්න.

වැදගත්: යන බැට් ෆයිල් එක රන් කලාම ප්රොම්ප්ට්ස් කිහිප්යක් ලැබේ. ඒවා අන්බ්ලොක් කරන්න. උබුන්ටුවල රූට් පාස්වර්ඩ් වන්නේ 123456 යි. මෙම පාස්වර්ඩ් එක නැතිව කිසිම ඇඩ්මිනිස්ට්රේටිව් වැඩක් කිරීමට නොහැක.

උබුන්ටු වලට සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කිරීම.

උදාහරණ: වී.එල්.සී මීඩියා ප්ලේයර් ඉන්ස්ටෝල් කිරීම.

Applicationsà Accessories à Terminal then type follwing;

sudo apt-get install vlc

පෝටබල් උබුන්ටු ලබාගැනීමට පහත ලිපිනයන් උපකාරී වේ.

http://portableubuntu.demonccc.com.ar/