ස්ටාර්ට් මෙනුවට කැමතිම වෙබ්සයිට් ලින්ක් එක දාගමු


ඔයගොල්ලන් නිතරම යන වෙබ්ස්යිට් ලින්ක් එක ස්ටාර්ට් මෙනුවට දාගන්න පුලුවන් ක්රමයක් තමා මේක. ලින්ක් එකක් ස්ටාර්ට් මෙනුවට ගත්තාම දිස්වන ආකාර්යක් රූපයකින් මම දක්වලා තියෙනවා. කරන ආකාරය වීඩියෝ එකකිනුත් දක්වලා තියෙනවා.

කරන්නේ මෙන්න මෙහෙමයි.......

කලින් run à regedit

ළගට පහත ෆෝල්ඩරය හොයාගන්න.

HKEY_CLASSES_ROOT වල තියෙන CLSID කියන ෆෝල්ඩරය.

ළගට {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} කියන ෆෝල්ඩරය ලැබෙන තුරු පහලට ස්ක්රෝල් කරන්න

එය ලැබුනු පසු එහි ‘default’ entry හි රයිට් ක්ලික් කර ඔබ කැමති ටෙක්ස්ට් එක දමන්න ස්ටාර්ට් මෙනුවේ ඩිස්ප්ලේ වෙන්න .

මම Local Intranet කියලා දානවා .

ළගට මෙම ෆෝල්ඩරය ඇතුලේ තව ෆෝල්ඩරයක් හදාගන්න ඕනෑ.

මේ සදහා {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} උඩ රයිට් ක්ලික් කරල පහත පියවර අනුගමනය කරන්න.

New à Key මෙවිට තව උප ෆෝල්ඩරයක් ලැබේවි .

මෙය DefaultIcon කියලා රීනේම් කරගන්න.

ළගට මෙම ෆෝල්ඩරය උඩ රයිට් ක්ලික් කරලා….

New à String Value තෝරන්න.

මෙයට තමා අපිට ඩිස්ප්ලේ වෙන්න අවශ්ය අයිකන් එක තියෙන ස්ථානය ලබාදෙන්නේ මම සිස්ටම් එකෙම ඇති අයිකන් එකක පාත් එක ලබාදෙනවා

(%SystemRoot%\\system32\\shell32.dll,-47)

ළගට {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} ෆෝල්ඩර එකෙම ඇති Instance à InitPropertyBag ෆෝල්ඩරය හොයාගන්න.

මෙම ෆෝල්ඩරය(InitPropertyBag) උඩ රයිට් ක්ලික් කරලා තව ස්ට්රින්න්( New à String Value) අගයක් හදාගෙන එය කියලා Command නම් කරගන්න එයට අගයක් ලබාදෙන්න(Local Intranet).

ළගට තව ස්ට්රින්න් ( New à String Value) අගයක් හදාගෙන එයට ඔබ කැමතිම නිතරම යන වෙබ් සයිට් එකේ ලිපිනය ලබාදෙන්න.

මම දෙනවා http://localhost:8080

ඔන්න දැන් වැඩේ හරි දැන් ටාස්ක් මැනේජර් අරගෙන explorer.exe කියන process එක කිල් කරලා නැවත අලුත් ටාස්ක් එකක් විදිහට explorer.exe දෙන්න නැත්නම් Log Off and Relog වෙන්න.

ඔන්න දැන් ඔබ කැමති වෙබ් ස්යිට් ලින්ක් එක ස්ටාර්ට් මෙනුවට ඇවිල්ලා..

නොතේරෙන තැනක් තියෙනවානම් වීඩියෝ එක හොදට බලලා ඉන්න.


http://www.ziddu.com/download/5291294/Movie.wmv.html


No comments:

Post a Comment