පරණ මෘදුකාංග අවශ්‍යද?




සාමාන්‍යයෙන් මෘදුකාංගයක අලුත් Version එක නිකුත්වුනාම එහි පරන versions සොයාගන්න අපහසුවෙනවා. මොකද අදාල වෙබ්සයිට් එකේ දාන්නෙත් බොහෝ විට ලින්ක් එකක් ලබාදෙන්නේ අලුත් version එකට පමණයි.
මේ තියෙන්නේ මෙම ප්‍රශ්ණයට විසදුමක් ලෙස කියන්න පුලුවන් වෙබ්සයිට් එකක් . මෙහි බොහොමයක් ජනප්‍රිය මෘදුකාංගවල පරණ versions බාගන්න අවස්ථාව ලබාදී තියෙනවා.
මෙහි ලියාපදිංචි වීමද අවශ්‍ය නොවේ.

ආරක්ෂිතව පණිවිඩ යවන්න ක්‍රමයක්..





අපිට තව කාටහරි ආරක්ෂිතව පණිවිඩයක් යවන්න පුලුවන් විදියක් තමා මේක. මෙම ක්‍රමයෙන් අපට යවන පණිවිඩයට මුරපදයක් ලබාදීමෙන් තවත් ආරක්ෂිතයි . මොකද අපි මෙම මුරපදය අවශ්‍ය පුද්ගලයාට පමණක් ලබාදීමෙන් අපිට විශ්වාසයක් තියාගන්න පුලුවන් මෙම පණිවිඩය වෙන පුද්ගලයෙකු දැක්කත් කියවන්න බෑ කියලා :-).
මෙහිදී අපගේ පණිවිඩය Encrypt කරලා තමා යවන්නේ නැවත අපට මෙම පණිවිඩය Decrypt කර කියවගන්න පුලුවන්.
ඒ වගේම මෙතනදී අපගේ පණිවිඩය Encrypt කලාම ලැබෙන Message Output එක අපට අවශ්‍ය පුද්ගලයාට සාමාන්‍ය පරිදි (mail) යැවිය හැකියි.
තවත් වාසියක් තමා මෙම පණිවිඩයට කල් ඉකුත්වීමේ වේලාවක්ද ලබාදිය හැකියි.

සියල්ල එකම තැනින් Freewares+OpenSource+Trial





ඔන්න දැන් මෘදුකාංග කිහිපයක් එක්වර install කරගන්න පුලුවන් හොද ක්‍රමයක් තියෙනවා. අපි ගොඩක් මෘදුකාංග install කරනවානම් බොහෝවිට දක්නට ලැබෙන්නේ next-next ක්‍රමයක් . දැන් ඉතින් next-next කර කර බලාඉන්නත් ඕනේ නෑ.
අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය මෘදුකාංග ටික තෝරාගෙන installer එක බාගන්න . මෙහි ඇතුලත් කරලා තියෙන ගොඩාක් මෘදුකාංග freeware සහ opensource මෘදුකාංග වෙනවා.
අපි බාගත්ත installer එක මීළගට රන් කිරීමෙන් අපි තෝරාගත්ත මෘදුකාංග ටික download & install වෙනවා.
මෙතනදී අපිට ලැබෙන්නේ මෘදුකාංග වල අලුත්ම Versions.

Google ව කැමති විදියකට වෙනස් කරගමු



මේක Mozilla Firefox ට දාගන්න පුලුවන් Addon එකක්.
ඉහත GIF image එකෙන් පෙන්වන්නේ මේ සදහා පොඩි හැදින්වීමක්.

Install Now
English (60 kB)

තවත් ඔන්ලයින් වැඩක්

This summary is not available. Please click here to view the post.

සද්දේ මදිද? එහෙනම් මෙතනින් වැඩි කරගන්න.


අපිට සමහරක් Mp3 ෆයිල්ස් හම්බවෙනව සද්දේ අඩු . ඉතින් මේ වගේ ෆයිල් එකක් අපිට Play කරගන්න උනොත් Player එකේ සද්දේ වැඩි කරගන්න වෙනවා .
මේ තියෙන්නේ එහෙම ෆයිල්ස් වල sound වැඩි කරගන්න පුලුවන් වෙබ් සයිට් එකක්.
Light, Loud, Louder, Loudest යනාදී ක්‍රම 4කට අපිට sound වැඩි කර ගන්න පුලුවන්

අලුත් 2010 මෘදුකාංග ලබාගන්න




මෙහි වැඩි විස්තර සදහා පහත දී ඇති පිංතූර මත ක්ලික් කර වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්න. බාගත හැකි විස්තර එහි ඇත.

Blumentals WeBuilder 2010 v10.0.2.118 BiLang

Blumentals Rapid PHP 2010 v10.0.2.118 BiLang

Blumentals HTMLPad 2010 Pro v10.0.2.118 BiLang

Blumentals Rapid CSS Editor 2010 v10.0.2.118 BiLang

ෆෝල්ඩරයක් තමා සතු කරගැනීම...


මේ තියෙන්නේ කිසිම මෘදුකාංගයක් නොමැතිව ෆෝල්ඩරයක තියෙන දේ තවත් කෙනෙකුට බැලීමට නොහැකි වන ලෙස සකස් කරගන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමය 100% සර්ථක නැහැ. මොකද පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට ඕනෑම අවස්ථාවක මෙහි බලය ගන්න පුලුවන්. නමුත් පරිගනකයට ලොග් වෙන කිසිදු සාමාන්‍ය යූසර් කෙනෙකුට මෙම ෆෝල්ඩරය බලන්න බැහැ.


පහත තියෙන්නේ මෙය කරගන්න ආකාරයයි.
සැලකිය යුතුයි පළමුව හිස් ෆෝල්ඩරයකට මෙය උත්සාහ කරන්න.

ඔබට අවශ්‍ය ෆෝල්ඩරයේ Right Click කර properties වෙත ගොස් එහි Security Tab වෙත යන්න.
එහි පහලම ඇති Advance යන Tab මත ක්ලික් කරන්න. දැන් ලැබෙන වින්ඩෝවෙන් "Inherit from parent the permission" යන්න ඉදිරියෙන් ඇති tick හරි සලකුණ ඉවත් කරන්න එවිට ලැබෙන Message එක සදහා Remove කරන්න. ඊළගට Apply කරන්න.


මීළගට ක්ලික් කර ඔබගේ යූසර් නේම් එක එකතු කරගෙන සියලු බලතල ලබාගන්න.
ඊලගට අවසානය තෙක් OK කරන්න
ඔන්න දැන් වැඩේ හරි. සැක නම් වෙන යූසර් කෙනෙකුගෙන් ලොග් වෙලා ෆෝල්ඩරය Access කරන්න පුලුවන්ද කියලා බලන්න.



මෙන්න තවත් ක්‍රමයක් පාස්වර්ඩ් සහිතව
ෆෝල්ඩරයේ Properties වෙත ගොස් Sharing Tab වෙතට යන්න.
ඊලගට
"Make this folder private" යන්න ඉදිරියෙන් හරි සලකුන යොදන්න.

GIF ඉමේජ් එකක් Split කරගන්න


මේ තියෙන්නේ GIF image එකක් අපිට ස්ප්ලිට් කරගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්. මේක පෝටබල් මෘදුකාංගයක් නිසා තවත් පහසුයි.

බාගෙනම බලන්නකෝ කොහොමද කියලා

HTML tag ගණන් කරවනය





මේ තියෙන්නේ HTML page එකක ඇති tag මොනවාද සහ කොපමණ සංඛ්‍යාවක් තිබෙනවාද කියා දැනගන්න පුලුවන් වැඩසටහනක් .


අවශ්‍ය නම් HTML report එකක් ද අපිට මෙමගින් ලබාගත හැකියි.


Python නැතිව Python ඉගෙන ගැනීම



මම මේ කියන්න යන්නේ ඔබගේ පරිගණකයේ Python software ඉන්ස්ටෝල් කරග්න්නේ නැතිව Python code evaluate කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. හැබැයි මේ සදහා අන්තර්ජාල සම්බන්දතාව අත්‍යවශ‍යි.
මේක ඇවිල්ලා තවත් වෙබ් Operating System එකක ඇති එක විශේශාංගයක් හැබැයි මේ OS එක කලින් වතාවක් මම ඉදිරිපත් කල Online Computer තරම් සන්කීර්ණ නෑ . ඊට වඩා සරලයි මෙය. හැබැයි එයට වඩා මෙයට සැලකියයුතු අන්තර්ජාල සම්බන්ධ වේගයක් අවශ්‍ය නොවෙන්නත් පුලුවන්.

මම නම් Python Language වැඩිය දන්නේ නැහැ. මම් වැඩිපුර දන්නේ Progress Language ඒ නිසා පොඩි code 2ක් උදාහරණ විදියට දැම්මේ..(ඉහත වීඩියෝ එකෙන් මම පෙන්වලා තියෙන්නේ )

මෙතනින් යන්න

ඉගෙන ගන්න කැමති නම් මෙන්න තියෙනවා Python ගැන පොතක්.


මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනින් ගන්න.


බලාපොරොත්තුවෙන් සිටින්න..... ලැබෙන තුරු...???



ඔයගොල්ලන්ටත් ලැබුනද මෙම අපූරු Google Wave ආරාධනාව? මේ තියෙන්නේ ආරාධනා පත්‍රයක්

100,000 දෙනාට මෙම ආරාධනාපත් යවනවා කියලා තමයි කියන්නේ . මෙම ආරාධනා පත්‍රයක් ලැබුනොත් අපට අපගේ යලුවෝ 8 දෙනෙකුට ආරාධනා යවන්න පුලුවන්.

What is Google Wave?


Google Wave is an online communication and collaboration tool that makes real-time interactions more seamless -- in one place, you can communicate and collaborate using richly formatted text, photos, videos, maps, and more.

A wave is a conversation with multiple participants -- participants are people added to a wave to discuss and collaborate on its content. Participants can reply any time and anywhere within a wave, and they can edit content and add more participants as a wave develops. It's also possible to rewind waves with the playback functionality, to see what happened, and when.


ඉකමනටම ආරාධනාවක් ගන්න ඕන නම් මේ පිටුවට ගිහින් එක පුරවලා යවන්න.
දැන්ම යන්න