පෝටබල් ලෝකයෙන්- මැක් පොඩ්ඩා

මෙම මෙහෙයුම් පද්ධතිය මම කලින් වතාවක් ඉදිරිපත්කල උබුන්ටු මෙහෙයුම් පද්ධතියට තරම්ම නම් දියුණු නැහැ. පෝටබල් උබුන්ටු වලට ගිගාබයිට් 1.8 ක් පමන අවශ්ය වුනාට මේ මැකින්ටොෂ් පොඩ්ඩාට නම් අවශ්ය වන්නේ මෙගාබයිට් 40ටත් වඩා අඩුගානක්. මේක කලින් ඉදිරිපත් කල උබුන්ටු වගේ සිප් ෆයිල් එක එක්ස්ට්රෑක්ට් කරලා රන් කරන්න බැහැ. ඒ නිසා මම හිතුවා එම ක්රමය මෙසේ ඉදිරිපත් කරන්න..

Mini vMac ඕපන් කරලා hfs24M.DSK එක drag & drop රන්න Mini vMac

ඊට පස්සේ අනිත් ඉමේජ් ෆයිල් ටිකත්(install1, instal2, Tidbits, printing, fonts) drag & drop කරන්න Mini vMac

ඔන්න දැන් මේ පොඩ්ඩාගේ වැඩ් බැලුවහැකියි

http://www.4shared.com/file/103894953/77f847f5/PortableMac.html

ඔබගේ Usersලව පාලනය කරන්න..

ඔබගේ පරිගණකයට ලොග් වෙන යූසර්ස්ලව පහත පරිදි පාලනය කරගන්න. කියන්නේ පරිගණකයට ලොග් වෙන වේලාවන් ඔබම තීරණය කරන්න. ඔබගේ තීරණය ස්ක්රිප්ට් Script එකකට වෙනස් කල නොහැකි වේ.

1 - net user Sarath /time:M-F,08:00-17:00

2 - net user Nimal /time:M-F,8am-5pm

3 - net user Suresh /time:M,4am-5pm;T,1pm-3pm;W-F,8:00-17:00

4 - net user Kumara /time:all

සුළු පැහැදිලි කිරීමක්...

නිමල් පරිගණකයට ලොග් විය හැක්කේ සදුදා සිට සිකුරාදා උදේ 8 සිට සවස 5 දක්වා පමණි. කුමාරට ඕනෑම අවස්ථාවක පරිගණකයට ලොග් විය හැක.

පිංතුර එක්ක හැංගිමුත්තන් සෙල්ලම්...?


මම කලින් වතාවක් ෆෝල්ඩරයක් ඕපන් කලාම වෙනත් දෙයක් ඕපන් වෙන්න සකස් කරන්න පුලුවන් විදියක් කිව්වා. අද කියන්න යන්නේ අපට අවශ්ය ෆයිල් කීපයක් ඉමේජ් එකක් බවට පත්කරන හැටියි. මේ සදහා ඉමේජ් එකකුත්(myimage.jpg) අවශ්ය වෙනවා. කලින්ම කරන්න තියෙන්නේ අපට අවශ්ය ෆයිල් ටික(video.zip) සිප්(zip), 7ඉසෙඩ්(7z) වගේ විදියකට කම්ප්රෙස් කරන්න.

ඊට පස්සේ කමාන්ඩ් ප්රොම්ප්ට් එක අරන් පහත විදියට ටයිප් කරන්න.

.. ඊට කලින් ටයිප් කරන්න කලින් ඔබේ ෆයිල් තියෙන තැනට යන්න ඕන. හිතන්න ඔබේ ෆයිල් ටික තියෙන්නේ F: Drive එකේ කියලා එහෙනම් එක අරගෙන පහත පියවර අනුගමනය කරන්න.(ඔබගේ ෆයිල් ඇත්තේ F:\myfolder එකේ නම්..)

D:\Documents and Settings\SAMPATH>f:

F:\>cd myfolder

ඊට පස්සේ පහත ආකාරයට.......

F:\myfolder>copy /b myimage.jpg + video.zip secret.jpg

දැන් මේ අලුතෙන් ලැබෙන ඉමේජ් එක ඕපන් කලාම පේන්නේ කලින් තෝරග්ත්ත ඉමේජ් එකමයි.

හැබැයි මේ ඉමේජ් එක winrar වගේ එකකින් ඕපන් කලාම හොරේ අහුවෙනවා.......