කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක....


මේ තියෙන්නේ මගේ අලුත්ම කම්පියුටර් එක. හැබැයි Virtual ඒත් 15GB storage තියෙනවා. මේකට මගේ ෆයිල් upload කරන්නත් පුලුවන්.
මෙම කම්පියුටරේ ගැන තව විස්තර කියනවනම් නොමිලේම ඔයගොල්ලන්ටත් Virtual කොම්ප්යුටරයක් ගත්තැකියි. ඒවිතරක්ද 10GB සහිත mail account 1 ලැබෙනවා. මෙහි E-mail Address එක ලැබෙන්නේ username@g.ho.st යන ආකාරයටයි. කොම්පියුටර් එකකට මූලික සුදුසුකම් වන්නේ අලුත් Flash Player සහිත වෙබ් බ්‍රවුසරයක් තමා ඕනේ ඒවගේම Javascript enable වෙන්නත් ඕනි. මේක කරලා තියෙන්නේ Lazlo කියන platform අනුවයි

මෙහි ඇතුලත් විශේශාංග ගැන කියනවානම්

වෙබ් බ්‍රවුසරයක්

Instant Messaging Program

10GB සහිත mail account 1(username@g.ho.st>)

Microsoft Office Word සහ Excelට සමාන Writer, Sheet යන Applications අඩංගු වෙනවා

ආදී ගොඩක් දේවල් ඇතුලත් වෙනවා.

මේ තියෙන්නේ මගේ කම්පියුටරේ Screenshots කිහිපයක්..














විතරක්ද අලුතෙන් යාලුවෙක් හදුන්වලා දුන්නට පස්සේ අපිට 5GB Storage එකක් වැඩිපුර නොමිලේම දෙනවා කියලත් කියනවා

මෙන්න අලුත් කම්පියුටරයක් ගන්න පුලුවන් පාර...http://g.ho.st/



3 comments:

  1. ම් ම් ම් හොඳ වැඩක් වගේ . . ඒත් මේ මම වගේ කෙනෙකුට නම් ඕවායින් වැඩිය පල ප්‍රයෝජනයක් නැති වෙයි වගේ . . . අලුත් පරම්පරාවට තමා ඕවා වැඩිය හොඳ . . හික්ස්

    ReplyDelete
  2. මේක හොඳයි තමා. ඒ උනාට මේක පාවිච්චියට, ඔබ පාවිච්චි කරන පරිගණකයත් ටිකක් හොඳ එකක් වගේම අන්තර්ජාල සම්බන්ධයත් සැලකියයුතු වේගයකින් යුක්ත විය යුතුයි. මගෙත් ගිණුමක් තියෙනව මේකෙ. අවුරුද්දකින් විතර ඒ පැත්ත පළාතෙවත් ගියෙ නෑ හැබැයි.

    ReplyDelete