ෆෝල්ඩරයක් තමා සතු කරගැනීම...


මේ තියෙන්නේ කිසිම මෘදුකාංගයක් නොමැතිව ෆෝල්ඩරයක තියෙන දේ තවත් කෙනෙකුට බැලීමට නොහැකි වන ලෙස සකස් කරගන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමය 100% සර්ථක නැහැ. මොකද පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට ඕනෑම අවස්ථාවක මෙහි බලය ගන්න පුලුවන්. නමුත් පරිගනකයට ලොග් වෙන කිසිදු සාමාන්‍ය යූසර් කෙනෙකුට මෙම ෆෝල්ඩරය බලන්න බැහැ.


පහත තියෙන්නේ මෙය කරගන්න ආකාරයයි.
සැලකිය යුතුයි පළමුව හිස් ෆෝල්ඩරයකට මෙය උත්සාහ කරන්න.

ඔබට අවශ්‍ය ෆෝල්ඩරයේ Right Click කර properties වෙත ගොස් එහි Security Tab වෙත යන්න.
එහි පහලම ඇති Advance යන Tab මත ක්ලික් කරන්න. දැන් ලැබෙන වින්ඩෝවෙන් "Inherit from parent the permission" යන්න ඉදිරියෙන් ඇති tick හරි සලකුණ ඉවත් කරන්න එවිට ලැබෙන Message එක සදහා Remove කරන්න. ඊළගට Apply කරන්න.


මීළගට ක්ලික් කර ඔබගේ යූසර් නේම් එක එකතු කරගෙන සියලු බලතල ලබාගන්න.
ඊලගට අවසානය තෙක් OK කරන්න
ඔන්න දැන් වැඩේ හරි. සැක නම් වෙන යූසර් කෙනෙකුගෙන් ලොග් වෙලා ෆෝල්ඩරය Access කරන්න පුලුවන්ද කියලා බලන්න.



මෙන්න තවත් ක්‍රමයක් පාස්වර්ඩ් සහිතව
ෆෝල්ඩරයේ Properties වෙත ගොස් Sharing Tab වෙතට යන්න.
ඊලගට
"Make this folder private" යන්න ඉදිරියෙන් හරි සලකුන යොදන්න.

1 comment:

  1. godak sthoothiyi . . . harima watinawaa meka gana kiyala dhunnu eka . . sthooi aayeth paarak k

    ReplyDelete