තෙරුවන් සරණයි!




හැකි සැම විටම මෙම ගාථාව සිහි කරන්න , ගමනක් යනවිට බුදුරජාණන් වහන්සේට නමස්කාර කර මෙම ගාථාව කියා ගමන අරඹන්න. සියලු කටයුතු සාර්ථක වේ. සියළු ආරක්ෂාව සැලසේ.

බුද්ධෝ තිලෝක සරණෝ

බුද්ධෝ සූරියෝ තමෝනුදෝ

ඒවන්තං සරණං ඛේමං

බුද්ධෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං

නත්ථි මය්හං භයං සදා

තුන් ලොවට සරණ බුදුරජාණන් වහන්සේය.

මෝහය නැමති අන්ධකාරය දුරු කරන සූර්යයාද බුදුරජාණන් වහන්සේය.

මම සැමදා බුදුරජාණන් වහන්සේ සරණ යමි.

බුදුරජාණන් වහන්සේ සරණ යන මට කිසිදා බයක් ඇති නොවේ.


Happy Vesak
  • මහමායා දේවියගේ සිහිනය
  • සිද්ධාර්ථ කුමාරයාගේ උපත
  • සතර පෙර නිමිති

  • ගිහිගෙය හැර යාම

  • බුදුවීම
  • පිරිනිවන් පෑම
ඔබට තෙරුවන් සරණයි!

2 comments:

  1. දුටු ගැමුණු රජතුමා ආරක්ෂාව පිණිස නිතර භාවිත කළ ගාථාවක් මේක. එතුමා එළාර රජු සමඟ සටනට යන විට රන් පතක මෙය ලියා ඔටුන්නේ රඳවාගෙන සිටි බවට තොරතුරැ ඇත.

    බුද්ධෝ තිලෝක සරණෝ - බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං බේමං - බුද්ධෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං බුද්ධං - නත්ති මය්හං භයං සදා

    තුන් ලොවට සරණ බුදුන් වහන්සේය. මෝහාන්ධකාරය දුරැ කරන සූර්යයා බුදුන් වහන්සේය. මෙසේ උන්වහන්සේ නිර්භය වූ සරණයි. මට උතුම් සරණ බුදුන් වහන්සේය. මම බුදුන් වහන්සේ සරණ යමි. සැමදා මට භයක් නැත.

    ධම්මෝ තිලෝක සරණෝ - ධම්මෝ සුරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං බේමං - ධම්මෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං ධම්මං - නත්ති මය්හං භයං සදා

    තුන් ලොවට සරණ ධර්ම රත්නයයි. මෝහාන්ධකාරය දුරැ කරන සූර්යයා ධර්ම රත්නයයි. මෙසේ ඒ ධර්ම රත්නය නිර්භය වූ සරණයි. මට උතුම් සරණ ධර්ම රත්නයයි. මම ධර්ම රත්නය සරණ යමි. සැමදා මට භයක් නැත.

    සංඝෝ තිලෝක සරණෝ - සංඝෝ සුරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං බේමං - සංඝෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං සංඝං - නත්ති මය්හං භයං සදා

    තුන් ලොවට සරණ සංඝ රත්නයයි.මෝහාන්ධකාරය දුරැ කරන සූර්යයා සංඝ රත්නයයි .මෙසේ ඒ සංඝ රත්නය නිර්භය වූ සරණයි. මට උතුම් සරණ සංඝ රත්නයයි. මම සංඝ රත්නය සරණ යමි. සැමදා මට භයක් නැත.

    ReplyDelete