පිංතුර එක්ක හැංගිමුත්තන් සෙල්ලම්...?


මම කලින් වතාවක් ෆෝල්ඩරයක් ඕපන් කලාම වෙනත් දෙයක් ඕපන් වෙන්න සකස් කරන්න පුලුවන් විදියක් කිව්වා. අද කියන්න යන්නේ අපට අවශ්ය ෆයිල් කීපයක් ඉමේජ් එකක් බවට පත්කරන හැටියි. මේ සදහා ඉමේජ් එකකුත්(myimage.jpg) අවශ්ය වෙනවා. කලින්ම කරන්න තියෙන්නේ අපට අවශ්ය ෆයිල් ටික(video.zip) සිප්(zip), 7ඉසෙඩ්(7z) වගේ විදියකට කම්ප්රෙස් කරන්න.

ඊට පස්සේ කමාන්ඩ් ප්රොම්ප්ට් එක අරන් පහත විදියට ටයිප් කරන්න.

.. ඊට කලින් ටයිප් කරන්න කලින් ඔබේ ෆයිල් තියෙන තැනට යන්න ඕන. හිතන්න ඔබේ ෆයිල් ටික තියෙන්නේ F: Drive එකේ කියලා එහෙනම් එක අරගෙන පහත පියවර අනුගමනය කරන්න.(ඔබගේ ෆයිල් ඇත්තේ F:\myfolder එකේ නම්..)

D:\Documents and Settings\SAMPATH>f:

F:\>cd myfolder

ඊට පස්සේ පහත ආකාරයට.......

F:\myfolder>copy /b myimage.jpg + video.zip secret.jpg

දැන් මේ අලුතෙන් ලැබෙන ඉමේජ් එක ඕපන් කලාම පේන්නේ කලින් තෝරග්ත්ත ඉමේජ් එකමයි.

හැබැයි මේ ඉමේජ් එක winrar වගේ එකකින් ඕපන් කලාම හොරේ අහුවෙනවා.......



4 comments: